ආතා දන්න හාදයෙක් ඉන්නව මේකා ගාල්ල පැත්තෙ එකෙක් මූ වාසිටිය පුරාම පුරසිද්ද වුනේ මුගේ කැමරා වැඩ නිසා මේකා පැපරාසිය වගේ හැමදාම ලැච්චර් වල සැපට බුදියන උන්ගෙ පින්තූර අරගෙන ඕව පෙන්න පෙන්න සිඟිති සංතෝසයක් ගන්න හාදයෙක්.
එක පාරක් මූට මරදානෙ යන්න උනා ආ.. කියන්න අමතක උනානෙ මූට තියෙනව දඬුමොණරයක් මූ හිතන්නෙ ලෝකෙ සිරාම වාහෙනෙ ඒක කියල, ඌරු පැටිය. කොහොමහරි දැන් මූ ඔය දඬුමොණරෙන් මරදානට යන්න දන්නෙ නෑ. මේකා ඉතිං ඔහොම ඉද්දි අපේ ජාතක කථා චක්රවර්තී තුමා හමුවෙනව අපේ ජාතක කථා චක්රවර්තී තුමා ගැනත් මං කියන්නං කො හිමිහිට ඉඩ තියෙන තියෙන විදියට. මොන චක්රවර්තිය උනත් ඌ දන්නෙත් නෑ මරදානෙ යන පාර හැබැයි එහෙම කියල අතෑරියෙ නෑ අපේ චක්රවර්තී තුමා ඇහුව
"මචං උඹ ගාමිණී හෝල් එක ළඟ ඉදන් යන්න දන්නවනෙ පේන දුරනෙ බං, මෙතනිං පාරට දාල 120 බස් එකක් පස්සෙ ගාමිණී හෝල් ළඟට පලයං ඉට පස්සෙ ඉතිං අවුලක් නෑ නෙ"
කියල අපේ එකත් ඉතිං
"හරි මචං ගාමිණී හෝල් ඉදන් යන්න පුළුවං"
කියල දඬුමොනරෙට නැඟල කුරුල්ල වගේ පියාඹගෙන ගියා. ටික වෙලාවක් ගියාම අපේ චක්රවර්තියට පේනවලු මේ මරදානෙ ගිහිපු හාදය වාසිටියෙ අනිත් පැත්තෙන් අර දඬුමොනරෙන්ම පියාඹගෙන එනව.
"ඈ බං උඹ මෙච්චර ඉක්මනට මරදානෙ ගිහිල්ලත් ආවද?"
"මාර වැඩේනෙ බං උනේ මට 120 බස් දෙකක් පැටළුනානෙ"
මේකනෙ අයිබොවංඩ එක කාලයක් තිබ්බ දැං නං කොහොමද දන්නෙ නෑ (දැන් ඉතිං මේක නිදහස් රටක් නොවැ ) කොළඹ කටුගේ ළඟදි කොටුවෙ ඉදන් එන බසුයි අනිත් පැත්තෙන් එන බසුයි ඔක්කොම එක පැත්තට නෙව යන්නෙ. අපේ එකා වාසිටිය ගාවින් 120 අල්ලගෙන ඒක පස්සෙන් ගෙහුං කටුගේ ගාවදි කොටුව පැත්තෙන් ආපු එකක් පස්සට වැටිල ටික දුරක් එද්දි මූට රෝයල් කොලීජිය පේනවලු දැන් ඉතිං මොන කොරන්නද තියෙන විළිසංගෙ පැත්තකින් තියල වාසිටියෙ අනිත් පැත්තෙන් ආයෙත් 120 පස්සට වැටුනලු, මරදානෙ යන්න.
ආතෙ උඹට පුදුමාකාර අමාරුවක්නේ තියෙන්නේ. මේ විභාගෙ පල්ලෙ ආතල් දෙන්න.ආතට විභාගෙ හෙම නැතෙයි.
ReplyDeleteආතට කොහෙද බොලව් විභාග??? තොගේ මොලේ මඤ්ඤන් වෙලාද බොල????
ReplyDeleteආතා මේ ජෝතිය ගැනද කියන්නෙ....
ReplyDeleteඔව් ඔය මුලිං කොමෙන්ට් කොරල තියෙන්නෙ උන්දැම තමා හොහ් හොහ්
ReplyDelete