Thursday, January 20, 2011

කණුවද ඔළුවද වඩා හයිය?

ඕං ඉතිං මේ සිමියොං ආතත් හා හා පුරා කියල බොග් එකක් ලියන්ටෙයි කියල හිතුව කොල්ලයි බල්ලයි හැම එකාම ලියන එකේ මං ලිව්වම මක්ක වෙනවයි. ඕන එකක් වෙන්නෙයි කියල මං අද කියන්න කල්පනා කොලේ මේ අපේ කළුතර පැත්තෙ හාදයෙකුට වෙච්චි පුංචි අකරතැබ්බයක් ගැන. ඔය හාදය වරක වලට මල පෙරේතය වැලක් වරකයක් දැක්කොත් තැනක් නොතැනක් නෑ ආයෙ. මේක දවසක් බම්බලපිටියෙන් බැහැල එදා මේක ඇවිත් තිබ්බෙ රේල්ලුවෙන්, ඔන්න ඉතිං බම්බලපිටියෙ ඉදං මේක එනව කොළඹ වාසිටිය පැත්තට දන්නවනෙ ඉතිං මේකත් යස ඉළංදාරිය නොවැ. පාරෙ එහා පැත්තෙ, එහා පැත්තෙ කිව්වට දන්නවනෙ කොලොංතොටේ පාරවල් මහ විසාලයි නොවැ ඉතිං මයෙ හිතේ පාර බඹ 100 වත් පළල ඇති, ඉතිං ඔය පාරෙ අනික් පැත්තෙ නාඹර ගැටිස්සියක් යස අගේට පද්ද පද්ද යනවලු මේකටත් ඉතිං අර ගැටිස්සි දිහා බලනව මිසක් වෙන කල්පනාවක් නෑ හත්දෙයියනේ ලස්සන අංගනාවක් පාරෙයද්දි කව්ද වෙන දේවල් හිතන්නෙ. කොහෙමෙන් කොහොම හරි එක පාරටම "දඩාස්" ගෑවලු මුගෙ නළල කොට්ටම්ඹ ගෙඩියක් වගේ ඉදිමෙන්න මහ හයියෙන් පාරෙ තිබ්බ යකඩ පොල්ලක වැදුනලු කොල්ල මුකුත් නොවිච්ච ගානට වට පිට බලද්දිලු දැක්කෙ අපේ හමුදාවෙ කොල්ලෙක් මේක දැකල බඩ අල්ලං හිනා වෙනවලු මූ දඩාං ගාල ඔතනින් වාස්ප උනලු. හැබැයි වැඩේ කියන්නෙ මූ ලොකු වැඩක් කලා වගේ වාසිටියෙ හැම එකාටම ඕක කියව කියව යනවලු හැබැයි කියන්නෙ හින්දි පිච්චර් එකක සීන් එකක් කොලා කියලලු මං හිතන්නෙ ඇත්ත වෙන්නැති ඕක එහෙම බොරු කියන එකෙක් නෙමෙයි.

2 comments:

  1. අප්පොච්ච්යෝ අපේ කලුතර කොලුවට වෙලා තියන ඇබැද්දියක තරම. පව් නොවැ මේ අහිංසකයා. මු බලාන ආපු දර්ශනේ දෙපිටින් යන්න ඇති නේද බොලව්!!!!

    ReplyDelete
  2. කළුතර හාදයගේ චැසි බොල් වෙන්න ඇති.....

    - තතු දත්තෙක්

    ReplyDelete