බොලා දන්නවද ඒකාලෙ අපේ මුතුන් මිත්තො කිව්වෙ වටිනා මාණික්යයක් අතේ අරගෙන රටේ එක කෙළවරක ඉදන් අනෙක් කෙළවරට මෙහෙමයි කියල අතුරු ආන්තරාවක් නැතුව නාඹර ගැටිස්සියෙකුට උනත් යන්න පුළුවං කියල නොවැ. ඒත් අද කාලෙ එහෙම බැහැ නොවැ. ආතා දන්න හාදයෙක්ට ලගදි දවසක කොහුවල හංදියෙ හරිම ඇබැද්දියක් උනා නොවැ. මේකා මේකගෙ පෝං එක කනේ ගහගෙන ගොම්මං වෙලාවෙ කොහුවල හංදිය පැත්තට එනවලු. රටේ ලෝකෙ කොහෙත් අද හොරු ඉන්නවනෙ ආයිබොවං පස්සෙං ආපු එකෙක් මේකයෙන් පොව්ං එක ගන්න හදද්දි මූ ඒක හංගගෙන. අර යකත් ලෙසි පාසු එකෙක්යැ පිහියක් පෙන්නල මේකව බය කරල පෝන් එක උදුර ගත්තලු. චන්ඩිය වගේ කොච්චර කයිවාරු ගැහුවත් ඒක පිහිය දැක්කම චුට්ටක් බය හිතුනලු. අර යකා පෝන් එක උදුරගත්තයි කියමු ඒකා ටික දුරක් යද්දි අපේ එකා කියාපි,
"අයියේ සිම් එක දීල යන්න පුළුවන්ද?" කියල
සිමියොන් ආතගෙ හමස්කඩේ
Saturday, January 29, 2011
Monday, January 24, 2011
බැඳපු ගොනා
මේක මේ වාසිටියෙ කතාවක් එහෙම නෙවෙයි ඕං. මේක ආතගෙ පරණ යාළුවෙක්ට වෙච්ච කතාවක්. ගොඩක් උන් හිතනව ආත මේක කොරන්නෙ වාසිටියෙ උන්ට මඩ ගහන්නය කියලලු අනේ ආතා තුන් හිතකින්වත් එහෙම දෙයක් හිතල නෑ. ආතට ඕන ආත දන්න කතා දෙක තුනක් ලියල දාන්න විතරයි මේකෙන් කාටවත් හානියක් කොරන්න නං අදහසක් නෑ ඒක නෙව නමක් වත් සඳහං කොරන් නැත්තෙ. හෝ හෝ අපි කතාවෙන් පිට පනිනව නොව.
මේක මේ කලින් කිව්ව වගේ ආතගෙ පරණ යාළුවෙක්ට උනු හදියක්. මේකා දවසක් ගියා තව යාළුවො සැට් එකකුත් එක්ක මළ ගෙදරක නයිටක්ද මොකද්දො ගහන්න. දන්නවනෙ ආයිබොවංඩ මළ ගෙවල් වල රෑට වෙන සංතෑසි ඔන්න එකෙක් කතා කියනව තව උං 304 ගහනව ඔය ඉන්න අතරෙ එකෙක් කියාපි.
"මචං පොඩි වැඩක් කරමු"
"මොකද්ද බං මේ මහ රෑ කරන වැඩේ"

"උඹල වරෙල්ලකො මං කියන්න"
"මොකද්ද කරන්න ඕන කියපං"
"මේකයි සිද්දිය මං දන්න ගොනෙක් ඉන්නව ම්ම්ම්ම්ම්ම්ම් කැමතිනං ඉතිං සෙට් කරගන්න පුළුවං"
"පලයං යන්න උඹට ෂුවර්ද"
"ඔව් බං මට ෂුවර්"
බුවා සාමාන්යයෙන් හොඳ එකා නිසා හැම එකාම ඌව විස්වාස කොලා අනික කට්ටියම ලාවට සූර් වෙලා හිටපු නිසාද කොහෙද ඕක ඇහිච්චගමන් හිටපු තැනත් අමතකවෙල ගියා. කට්ටියම අරක පස්සෙ යන්න ගත්ත මේක යනගමනුත් ඉතිං කතාව නැවැත්තුවෙම නෑ.
"මචං හැබැයි ගොනා බැඳල"
"බැන්දම මොකද බං මේ ඒක නෙමෙයි ෂුවර්ද උඹට අපිට චාන්ස් එකක් ලැබෙයි කියල"
"මේ මොන කතාද බං අනිව"
මුං ටික ඉතිං දැං විනාඩි පාළොහක් විතර ඔහේ යනව නියරවල් උඩින් ඇලවල් වලින් යනව යනව අනික් උන්ට එපා වෙනකං දන්නවනෙ ඉතිං අපේ උන්දැලත් ඉවසිල්ලක් නැහැ නොවැ.
"කොහෙද යකෝ අපිව ගෙනියන්නෙ"
"පොඩ්ඩක් ඉවසපං තව ටිකයි"
ඒ පාර උන්දැල රබර් වත්තකට ගෙනිහුං එහා පැත්තෙ පාළු වත්තක ගහක බැඳපු ගොනෙක් පෙන්නල කියාපි
"අන්න ඉන්නව ගොනා ඕන දෙයක් කරගනිල්ල හූ.....හූ...."
කියල මේක ආයෙ හොයන්නවත් බැරි වෙන්න දුවල ගියාලු.
Thursday, January 20, 2011
මරදානෙ යන්නෙ කොහොමෙයි ?
ආතා දන්න හාදයෙක් ඉන්නව මේකා ගාල්ල පැත්තෙ එකෙක් මූ වාසිටිය පුරාම පුරසිද්ද වුනේ මුගේ කැමරා වැඩ නිසා මේකා පැපරාසිය වගේ හැමදාම ලැච්චර් වල සැපට බුදියන උන්ගෙ පින්තූර අරගෙන ඕව පෙන්න පෙන්න සිඟිති සංතෝසයක් ගන්න හාදයෙක්.
එක පාරක් මූට මරදානෙ යන්න උනා ආ.. කියන්න අමතක උනානෙ මූට තියෙනව දඬුමොණරයක් මූ හිතන්නෙ ලෝකෙ සිරාම වාහෙනෙ ඒක කියල, ඌරු පැටිය. කොහොමහරි දැන් මූ ඔය දඬුමොණරෙන් මරදානට යන්න දන්නෙ නෑ. මේකා ඉතිං ඔහොම ඉද්දි අපේ ජාතක කථා චක්රවර්තී තුමා හමුවෙනව අපේ ජාතක කථා චක්රවර්තී තුමා ගැනත් මං කියන්නං කො හිමිහිට ඉඩ තියෙන තියෙන විදියට. මොන චක්රවර්තිය උනත් ඌ දන්නෙත් නෑ මරදානෙ යන පාර හැබැයි එහෙම කියල අතෑරියෙ නෑ අපේ චක්රවර්තී තුමා ඇහුව
"මචං උඹ ගාමිණී හෝල් එක ළඟ ඉදන් යන්න දන්නවනෙ පේන දුරනෙ බං, මෙතනිං පාරට දාල 120 බස් එකක් පස්සෙ ගාමිණී හෝල් ළඟට පලයං ඉට පස්සෙ ඉතිං අවුලක් නෑ නෙ"
කියල අපේ එකත් ඉතිං
"හරි මචං ගාමිණී හෝල් ඉදන් යන්න පුළුවං"
කියල දඬුමොනරෙට නැඟල කුරුල්ල වගේ පියාඹගෙන ගියා. ටික වෙලාවක් ගියාම අපේ චක්රවර්තියට පේනවලු මේ මරදානෙ ගිහිපු හාදය වාසිටියෙ අනිත් පැත්තෙන් අර දඬුමොනරෙන්ම පියාඹගෙන එනව.
"ඈ බං උඹ මෙච්චර ඉක්මනට මරදානෙ ගිහිල්ලත් ආවද?"
"මාර වැඩේනෙ බං උනේ මට 120 බස් දෙකක් පැටළුනානෙ"
මේකනෙ අයිබොවංඩ එක කාලයක් තිබ්බ දැං නං කොහොමද දන්නෙ නෑ (දැන් ඉතිං මේක නිදහස් රටක් නොවැ ) කොළඹ කටුගේ ළඟදි කොටුවෙ ඉදන් එන බසුයි අනිත් පැත්තෙන් එන බසුයි ඔක්කොම එක පැත්තට නෙව යන්නෙ. අපේ එකා වාසිටිය ගාවින් 120 අල්ලගෙන ඒක පස්සෙන් ගෙහුං කටුගේ ගාවදි කොටුව පැත්තෙන් ආපු එකක් පස්සට වැටිල ටික දුරක් එද්දි මූට රෝයල් කොලීජිය පේනවලු දැන් ඉතිං මොන කොරන්නද තියෙන විළිසංගෙ පැත්තකින් තියල වාසිටියෙ අනිත් පැත්තෙන් ආයෙත් 120 පස්සට වැටුනලු, මරදානෙ යන්න.

කණුවද ඔළුවද වඩා හයිය?
ඕං ඉතිං මේ සිමියොං ආතත් හා හා පුරා කියල බොග් එකක් ලියන්ටෙයි කියල හිතුව කොල්ලයි බල්ලයි හැම එකාම ලියන එකේ මං ලිව්වම මක්ක වෙනවයි. ඕන එකක් වෙන්නෙයි කියල මං අද කියන්න කල්පනා කොලේ මේ අපේ කළුතර පැත්තෙ හාදයෙකුට වෙච්චි පුංචි අකරතැබ්බයක් ගැන. ඔය හාදය වරක වලට මල පෙරේතය වැලක් වරකයක් දැක්කොත් තැනක් නොතැනක් නෑ ආයෙ. මේක දවසක් බම්බලපිටියෙන් බැහැල එදා මේක ඇවිත් තිබ්බෙ රේල්ලුවෙන්, ඔන්න ඉතිං බම්බලපිටියෙ ඉදං මේක එනව කොළඹ වාසිටිය පැත්තට දන්නවනෙ ඉතිං මේකත් යස ඉළංදාරිය නොවැ. පාරෙ එහා පැත්තෙ, එහා පැත්තෙ කිව්වට දන්නවනෙ කොලොංතොටේ පාරවල් මහ විසාලයි නොවැ ඉතිං මයෙ හිතේ පාර බඹ 100 වත් පළල ඇති, ඉතිං ඔය පාරෙ අනික් පැත්තෙ නාඹර ගැටිස්සියක් යස අගේට පද්ද පද්ද යනවලු මේකටත් ඉතිං අර ගැටිස්සි දිහා බලනව මිසක් වෙන කල්පනාවක් නෑ හත්දෙයියනේ ලස්සන අංගනාවක් පාරෙයද්දි කව්ද වෙන දේවල් හිතන්නෙ. කොහෙමෙන් කොහොම හරි එක පාරටම "දඩාස්" ගෑවලු මුගෙ නළල කොට්ටම්ඹ ගෙඩියක් වගේ ඉදිමෙන්න මහ හයියෙන් පාරෙ තිබ්බ යකඩ පොල්ලක වැදුනලු කොල්ල මුකුත් නොවිච්ච ගානට වට පිට බලද්දිලු දැක්කෙ අපේ හමුදාවෙ කොල්ලෙක් මේක දැකල බඩ අල්ලං හිනා වෙනවලු මූ දඩාං ගාල ඔතනින් වාස්ප උනලු. හැබැයි වැඩේ කියන්නෙ මූ ලොකු වැඩක් කලා වගේ වාසිටියෙ හැම එකාටම ඕක කියව කියව යනවලු හැබැයි කියන්නෙ හින්දි පිච්චර් එකක සීන් එකක් කොලා කියලලු මං හිතන්නෙ ඇත්ත වෙන්නැති ඕක එහෙම බොරු කියන එකෙක් නෙමෙයි.
Subscribe to:
Posts (Atom)