Monday, January 24, 2011

බැඳපු ගොනා

මේක මේ වාසිටියෙ කතාවක් එහෙම නෙවෙයි ඕං. මේක ආතගෙ පරණ යාළුවෙක්ට වෙච්ච කතාවක්. ගොඩක් උන් හිතනව ආත මේක කොරන්නෙ වාසිටියෙ උන්ට මඩ ගහන්නය කියලලු අනේ ආතා තුන් හිතකින්වත් එහෙම දෙයක් හිතල නෑ. ආතට ඕන ආත දන්න කතා දෙක තුනක් ලියල දාන්න විතරයි මේකෙන් කාටවත් හානියක් කොරන්න නං අදහසක් නෑ ඒක නෙව නමක් වත් සඳහං කොරන් නැත්තෙ. හෝ හෝ අපි කතාවෙන් පිට පනිනව නොව.
මේක මේ කලින් කිව්ව වගේ ආතගෙ පරණ යාළුවෙක්ට උනු හදියක්. මේකා දවසක් ගියා තව යාළුවො සැට් එකකුත් එක්ක මළ ගෙදරක නයිටක්ද මොකද්දො ගහන්න. දන්නවනෙ ආයිබොවංඩ මළ ගෙවල් වල රෑට වෙන සංතෑසි ඔන්න එකෙක් කතා කියනව තව උං 304 ගහනව ඔය ඉන්න අතරෙ එකෙක් කියාපි.
"මචං පොඩි වැඩක් කරමු"
"මොකද්ද බං මේ මහ රෑ කරන වැඩේ"
"උඹල වරෙල්ලකො මං කියන්න"
"මොකද්ද කරන්න ඕන කියපං"
"මේකයි සිද්දිය මං දන්න ගොනෙක් ඉන්නව ම්ම්ම්ම්ම්ම්ම් කැමතිනං ඉතිං සෙට් කරගන්න පුළුවං"
"පලයං යන්න උඹට ෂුවර්ද"
"ඔව් බං මට ෂුවර්"
බුවා සාමාන්‍යයෙන් හොඳ එකා නිසා හැම එකාම ඌව විස්වාස කොලා අනික කට්ටියම ලාවට සූර් වෙලා හිටපු නිසාද කොහෙද ඕක ඇහිච්චගමන් හිටපු තැනත් අමතකවෙල ගියා. කට්ටියම අරක පස්සෙ යන්න ගත්ත මේක යනගමනුත් ඉතිං කතාව නැවැත්තුවෙම නෑ.
"මචං හැබැයි ගොනා බැඳල"
"බැන්දම මොකද බං මේ ඒක නෙමෙයි ෂුවර්ද උඹට අපිට චාන්ස් එකක් ලැබෙයි කියල"
"මේ මොන කතාද බං අනිව"
මුං ටික ඉතිං දැං විනාඩි පාළොහක් විතර ඔහේ යනව නියරවල් උඩින් ඇලවල් වලින් යනව යනව අනික් උන්ට එපා වෙනකං දන්නවනෙ ඉතිං අපේ උන්දැලත් ඉවසිල්ලක් නැහැ නොවැ.
"කොහෙද යකෝ අපිව ගෙනියන්නෙ"
"පොඩ්ඩක් ඉවසපං තව ටිකයි"
ඒ පාර උන්දැල රබර් වත්තකට ගෙනිහුං එහා පැත්තෙ පාළු වත්තක ගහක බැඳපු ගොනෙක් පෙන්නල කියාපි
"අන්න ඉන්නව ගොනා ඕන දෙයක් කරගනිල්ල හූ.....හූ...."
කියල මේක ආයෙ හොයන්නවත් බැරි වෙන්න දුවල ගියාලු.

No comments:

Post a Comment