Saturday, January 29, 2011

"අයියේ සිම් එක දීල යන්න පුළුවන්ද?"

බොලා දන්නවද ඒකාලෙ අපේ මුතුන් මිත්තො කිව්වෙ වටිනා මාණික්‍යයක් අතේ අරගෙන රටේ එක කෙළවරක ඉදන් අනෙක් කෙළවරට මෙහෙමයි කියල අතුරු ආන්තරාවක් නැතුව නාඹර ගැටිස්සියෙකුට උනත් යන්න පුළුවං කියල නොවැ. ඒත් අද කාලෙ එහෙම බැහැ නොවැ. ආතා දන්න හාදයෙක්ට ලගදි දවසක කොහුවල හංදියෙ හරිම ඇබැද්දියක් උනා නොවැ. මේකා මේකගෙ පෝං එක කනේ ගහගෙන ගොම්මං වෙලාවෙ කොහුවල හංදිය පැත්තට එනවලු. රටේ ලෝකෙ කොහෙත් අද හොරු ඉන්නවනෙ ආයිබොවං පස්සෙං ආපු එකෙක් මේකයෙන් පොව්ං එක ගන්න හදද්දි මූ ඒක හංගගෙන. අර යකත් ලෙසි පාසු එකෙක්යැ පිහියක් පෙන්නල මේකව බය කරල පෝන් එක උදුර ගත්තලු. චන්ඩිය වගේ කොච්චර කයිවාරු ගැහුවත් ඒක පිහිය දැක්කම චුට්ටක් බය හිතුනලු. අර යකා පෝන් එක උදුරගත්තයි කියමු ඒකා ටික දුරක් යද්දි අපේ එකා කියාපි,
"අයියේ සිම් එක දීල යන්න පුළුවන්ද?" කියල 

No comments:

Post a Comment